මොණර කිරිල්ලී - 5
තද සීතලක් දැනිලා වෙනස්ම තැනකින් අවදිවුනු යශෝරාවී තමන් මේ ඉන්නේ කොහෙද කියලා හිතමින්ම
ඔන්ච්ල්ලා බංකුවේ ඉදගත්තා.. පෙරදා රාත්‍රියේ උනු හැමදේම සිතුවම් පෙළක් සේ ඇගේ මනසේ
පෙළ ගැහෙන්න ගත්තා.. ඒ සියල්ලක් මකා දමන්න නොහැකි සත්‍යයක් ලෙස ඇගේ තුල ජීවමානව
තිබෙන බව දැනෙද්දී ඇගේ සිතට පිහි තලයකින් පසාරු වී යන තරමේ වේදනාවක් දැනුනා.. තමන් යමක් කලයුතු බව ඇය දැන උන්නා... එහෙත් ඒ කුමක්ද යන්න සිතීමට ඇගේ සිත කල්
ගත්තා... යමෙකු හා කතා කලයුතු බව ඇගේ සිත කිව්වා.. ඒ කවරෙක්දැයි ඇගේ සිත හැදිනගෙන
තිබුනේ නැහැ.. ඇය හෙමිහිට පඩි බැහැලා පහලට
ආවා.. එහෙත් ගීත්ව දකින්න මැලිකමක් ඇගේ හිතේ ඉපදිලා තිබුණා. ඇය කාමරය දෙස නොබලාම
කුස්සියට ගියා.. නීලියා කිරිබත් හදනවා.. යශෝගේ මුහුණට අලස හිනාවක් නැගුනා... ‘ නිළියට අපේ වෙන්වීම සමරන්න හිතිලා...’ යශෝ
එහෙම නොකියම වීදුරු කෑම මෙසෙන් ඉදගත්තා.. නීලියා වතුර වීදුරුවයි කිරිකොප්පෙයි දෙකම යශෝ ලගින් තිබ්බා...
“ මහත්තයා අද උදෙන්ම
ගියා.... තිරිකුනාමලේ යන කතාවක් කිව්වා.. මං නැගිටින කොට ලෑස්ති වෙලත්
ඉවරයි... තේකක් විතරයි බිව්වේ..’
යශෝ මුකුත්ම කිව්වේ නෑ..
නීලියා කියපු දේ ඇහුනු නැහුනු ගානට තරමක් ඇතින් පෙනුණු , වර්ණවත් රෝස මල් වැටිය පුරා එහා මෙහා ඉගිලයන සුන්දර සමනලුන් දෙස
බලන් හිටියා..
“ දවස් තුනකින් එන්නේ
කිව්වා.... බෙබිව පරිස්සමෙන් බලාගන්න
කිව්වා...”
දවස් කීපයකට පෙර ගීත් දවස් තුනකට ත්‍රින්කෝ යන
බව කියපු බව යශෝට මතක් උනේ ඒ වෙලාවේ... මේ සිදුවීමත් සමගම එය වඩාත් යහපත් දෙයක් බව
යශෝරාවිට හිතුනා.. රාත්‍රිය තුල දැනෙන්නට
තිබුණු පීඩාව ටික දිනකට ඇතට යන බවක් ඇයට
දැනුනේ...
“ මං කිරිබත් ඉව්වේ...
අද පළවෙනිදානේ... සුදු බේබි නම් ඉතිං කොහොමත් කැමතිනේ.... අපරාදේ මහත්තයා
වේලාසන ගියේ...”
යශෝ මිදුලට බැහැලා වත්ත
දිහාට ඇවිදගෙන ගියා.. තමන් මේ නිවහන
ගොඩනැගුවට ඒක නිවහනක් කලේ යශෝ බව ගීත් බොහෝ වාරයක් කියා තිබුණු බව ඇයට සිහිපත්
උණා... මේ හැම ගහකම මල් පිපෙද්දී, ගෙඩි
හැදෙද්දී තමන් අපමණ සතුටු උන බව ඇගේ මතකයට ආවා.. මේ සුන්දර ගෙවත්ත මේ තරම් අපූරුවට
සකසාගන්න තමන් වෙහෙසවූ බව වෙනදා සතුටින් සිහිපත් කලත් මේ වෙලේ යශෝට දුකක් දැනුනා..
සියල්ල දෙස යලිත් ආගන්තුකව බලන්න ඇයට ඕනේ
උණා. එහෙත් දැඩිව ඇලුම් කල සියලු දේ හැර
යාමට පළමුව ඒ දෙස බලන පෘතක්ජන ගැහැණියකගේ ශෝකය පමණයි ඇගේ හැම ඉරියව්වකම ලියවිලා
තිබුනේ..
“ බේබි... මං ආරාමෙට
ගිහින් එන්නම්. ...”
නීලියා
ඇවිත් කිව්වේ හැන්දෑවේ යශෝරාවි කොහේ හෝ ඇවිදින්න යන්න හිතමින් ඉන්න වෙලාවේ...
“ මාත් එන්නද...?.”
“ අපොයි... කොයි තරම්
අපූරුද... සුදු බේබි ඉතින් පල්ලි යනවා
මිසක් පන්සල් යන එකක්යැ “
“ කොහොමද යන්නේ...”
“ ටිකක් දුරයි... අපි වෙල දිගේ ගිහින් අර වෙන්දේසි කරන්න පොල්
ගස් ගලෝපු ඉඩමට ගොඩවෙලා ඒ අයිනේ පාරෙන් පයින් යමු... මහා පාරෙන් යනවා නම් ලොකු වටයක්.. ඒත්.. සුදු
බේබිට එච්චර දුර පයින් යන්න පුලුවන්ද...?
“ පුළුවන්... ඉන්න මං
එන්නම් ඉක්මනට.. “
නිලියාගේ කතා බහටම ගැලපෙච්ච පාරේ අපූරුව විදිමින් යශෝරාවී ඇවිද ගියේ හිතට
ශෝකයක් ගෙන ආ කිසිවක්ම ගැන නොහිතා.. දෙපා රිදුම් දුන්නත්... වෙහෙසක් දැනුනත්..
මොකක්දෝ හිනි සතුටකුත් යශෝගේ හිතට දැනුනා..
“ මේ හරිය හරියටම ගමක් වගේනේ නීලියා... “
“ ආරාමෙට ගිහින් බලන්නකෝ
සුදු බේබි පුදුම වෙයි...”
ආරාමේ තිබුනේ හරිම නිස්කලංක භූමියක... හිත
නිවාදමන්නම වෙන්වෙච්ච..
නීලියා අරාමේ දිහාට ඇවිද
යද්දී යශෝ වෙල අයිනේ තිබ්බ උණ ගස් මන්ඩියට යොමු වෙච්ච ගල් පඩි පෙළ බැස්සා ඇයට ඕනේ
උනේ එතන තිබුන පොකුණ ලගින් වාඩිවෙලා ඒ පරිසරයේ නිස්කලංක බව අත් විදින්න.. එතන ඉදන් බලද්දී පුරන් වෙච්ච කුබුරු යායත් උස්
ගොඩැල්ල මත ගෙවල් ටිකත් අපූරුවට පෙනුණා.. මෑතින් තිබුණ උණ ගස් අතරේ ගල් තලයක භාවනා
කරන මෙහෙණියක් ඇය දැක්කේ බොහොම වෙලාවකට පසුව...
සිත්කළු මුහුණක් තිබුණු ඒ තරුණ සිල් මාතාවගේ නිස්කලංක ඉරියව්ව යශෝරාවිගේ
හිතට මොකක්දෝ දෙයක් කියමින් හිටියා.
තවත් බොහෝ වෙලාවකට පසු
ඇය නෙතු හරින තුරුත් බලන් ඉන්න යශෝගේ හිත ඉවසිලිවන්ත වෙලා තිබුණා.
“ ඔය ඇත්ති මං
හම්බවෙන්නද...”
“ ආවේ නම් එහෙම හිතන්
නෙමෙයි... ඒත්... ඔබතුමිය එක්ක කතා කරන්න තියනවා නම් හොදයි...”
“ මේ පරිසරයට ඔබේ හිතට
සැහැල්ලුවක් ගෙනත්... ”
“ ඔව්..... ඔබ තුමිය මේ විදිහට භාවනා කරනවද හැමදාම.... “
“ ටික කාලයක් මගෙන් ඒක
අතහැරිලා තිබුණා.... “
“ භාවනා කලහම මොනවද ලැබෙන්නේ...”
“ තමන්ට තමන්ව
මගහැරෙන්නේ නැහැ... ”
“ ඔබතුමිය කියන දේ මට
තේරෙන්නේ නෑ...”
“ ඔබ ඉන්නේ ශෝකයෙන්... “
“ ඔව්...”
“ ඔබේ හිත කරදර වෙන්නේ
යමක් අත්හැර ගත නොහැකි ශෝකයෙන්... මේ
සියල්ල ඉවර වෙන බව සිතන්න... ඔබේ සිතට දැනෙන සතුට... දුක... කලකිරීම... මේ
සියල්ල නිමා වෙනවා.... එකම සිදුවීමක් ගැන රාත්‍රියේ ඔබට දැනුනු සිතුවිලි
උදැසන වෙද්දී වෙනස් වෙනවා.... ඊළග
දවසේදී ඒ සිද්දිය ගැනම ඔබ බලන්නේ තවත්
විදිහකට... ඒක තමයි සිතේ ස්වභාවය... හිත
ගේන අරමුණු වල ඔබ බැදෙන්න එපා.. ඒවාට ගලා යන්න අරින්න.... “
“ ඔබ තුමිය කිව්වේ
ඇත්ත... මට දෙයක් අත්හරින්න සිද්දවෙලා තියනවා...”
“ ඔබට ඒක කරන්න ඕනෑ කමක්
නෑ... “
“ ඒත්...... මට ඒක කරන්න ඕනෙ ...”
“ ගිහි ජීවිතේ තියෙන
බැදීම් වෙනස්... දෙයක් අතහරින්න හිතුවාම... තව තවත් ඒ ඇතුලෙම බැදෙන හිතුවිලි තමයි
පහල වෙන්නේ... ඒත් අපිට දෙයක් අතහරින්න ඕනේ උනහම ඒක සනාථ කරන සිතුවිලි තමයි හිතට
එන්නේ...”
“ මාව ප්‍රතික්ෂේප උනාට
පස්සෙත් මට එතන ඉන්න ඕනේ කමක් නැ... ඒත්
මට තේරෙන්න නෑ.. මොකද්ද මං කරන්න ඕනේ
කියලා...”
“ මේ වෙලාවේ ඔබේ
හිතුවිලි ගෝෂා කරනවා... ඒවට සන්සුන් වෙන්න ඉඩක් දෙන්න.... ඉන් පසුව ඔබේ හිතම කියයි කලයුතු හොදම දේ ගැන...
එය ඔබටම දැනේවි... “
“ ඔබ තුමියට
ස්තුතියි... ඔබතුමි කලින් කිව්වා වගේ මට
මාවම තේරෙන්නේ නැතුව ගිහින් තියෙන්නෙ..”
“ මේ හිතේ ස්වභාවය...
ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ... හිත
ගැටුම් රැගෙන එන මුහුණුවර විතරයි වෙනස්
වෙන්නේ ... පැවිදි ඇත්තෝ හිත පුරුදු කරලා තියෙන්නේ.... ගිහි ඇත්තෝ එහෙම නෑ...”
“ අද උදේ මට ඕනැවෙලා
තිබුනේ කාත් එක්ක හරි කතා කරන්න.... ඒත්...
මේ කාරණාව ගැන නම්
නෙම්මෙයි... වෙන මොනවම හරි දෙයක් ගැන... ඒත්...
මට දෙවමනියෝ පාර පෙන්නලා තියෙන්නේ හොදම තැනට එන්න.. .”
“ ආගමකින් කරන්නේ හොද තැනකට පාර පෙන්නන ඒක තමා....”
“ ඔබතුමිය කොහොමද මේ
තරම් ලස්සනට හිත ගැන කතා කරන්නේ...”
“ මගේම අත්විදීම්
තුලින්..... මගේ හිතට පහුගිය කාලේ ආගන්තුක හිතුවිලි පහල
වෙන්න ගත්තා.... ඒක මං බලාපොරොත්තු නොවුණු ස්වභාවයක්..... මං මුල් දවස් ටිකේම කලේ ඒවා යටපත් කරන්න හදපු
ඒක... එතකොට ඒවා වද දිදී මං පස්සෙම
ආවා.... මං මේ ආරාමේ ටික දවසක් අත් ඇරලත්
ගිහින් හිටියා... ඒත් මගේ හිත මාත් එක්ක
ගියා.. ඒ නිසා... ඒ හිතුවිලි නැවතුනේ නැ... මං ඉන් පස්සේ හිතුවිලි දිහා බලන් උන්නා.. ඒවා
වෙනස් වීම ගැන විමසිලිමත් උණා... මට දැනුණා මගේ හිතුවිලි සන්සුන් වෙනවා.. මට පහසුවක් දැනුනා... මං වටේ සිද්දවෙන හැමදේම සන්සුන් වන බවක්
පෙනුනා... කේන්තිය වගේ දේවල් මට ආගන්තුක
වෙන්න ගත්තා...
බුද්ධ දර්ශනයේ මේ දේවල්
බොහොම අපූරුවට විස්තර කරනවා... ඒත් ඔබ මේ තේරුම් ගත්ත තරමවත්.... තේරුම් නොගත්තු බොද්ධයෝ ඉන්නවා ඕනෑ තරම්...
“
“ මං අහලා තියනවා බොද්ධ දර්ශනය ගොඩක් ගැබුරු එකක් බව... ඒත්... මං ඉගෙන ගත්තේ කන්‍යාරාමෙක... ඒ නිසා මට
ඉඩක් ලැබුනෙම නෑ පොතක්වත් කියවන්න ....”
“ අපි ආරාමෙට යමු ඔබ මේ
කිට්ටුවද...? “
ආරාමේට ගිහින් ආවට
පස්සේ යශෝරාවිට දැනුනේ
සැහැල්ලුවක්... ඒක වචන වලට පෙරලගන්න
කොහෙත්ම පුළුවන් කමක් තිබුනේ නැ... දවස
ගෙවී යද්දී ... ඇගේ හිත ඇයත් සමග එකගවෙමින්
හිටියා..
දවසක් ගෙවිලා ගිහින්
තවත් දවසක් උදාවෙමින් තිබුණා.. යශෝරාවිගේ හිතේ අලුත්ම සිතුවිලි ඉපදෙමින්
තිබුණා... ඇය තීරණය කරමින් හිටියා... උසාවියකට නොගිහින් ලිපියකින්
ගීත්ව නිදහස් කර
දමන්න... කොන්දේසි වලින් තොරවම... ඒ ලිපිය
තමන් ගියාට පසුව ගීත්ට ලැබෙන පරිදි ඔහු හා ඒ ගැන තවත් කිසිවක්ම කතා නොකර ඉන්නත් ඇය
හිතුවා.. එලෙසින්ම නිහඩවම නිවසින් පිටව යන්නයි ඇගේ හිත උපදෙස්
දෙමින් තිබුනේ...
තමන්
කොහේ ජීවත් වෙනවද යන්න ගැන ගීත් දැන නොගතයුතුබව පමණක් ඇය හිතුවා.. මේ සියලු තීරණ වලට පසුව යශෝගේ
හිතට දැනුනේ පුදුම සැහැල්ලුවක්...
ඉදහිට දකින දෙයකින් හිත පැරණි මතක
අස්සට රිංගුවත් ඒ සැනෙකින්ම ඇය එය ඉන්
මුදා ගත්තා... මේ වන විට ගීත් සමග වෙනදා
වගේම කතාකරන්න පුළුවන් බවකුත් ඇයට දැනුණා..
ගීත් එන්න දවසක්ම ඉතුරු වෙලා
තිබුණා..
( ඊලග කොටසින්...)