මොණර කිරිල්ලී - 4
ගත පුරා ගලාගෙන
ගිය උණුසුම් වතුරට යශෝගේ හිතුවිළි උණුසුම් කරන්න පුළුවන් උනේ නෑ.. නිදන ඇදුමක් ඇගලා ගත්තත් ඇයට අයිති ඉඩ කොටස
ඇදේ ඒ විදිහටම තිබුනත්... නින්ද ඇගෙන්
බොහොම දුරකට ඉගිල්ලිලා ගිහින් තිබුණා. ගීත් ඇදුම් පිටින්ම ඇදේ වැතිරිලා හිටියේ
හැබැවටම නින්ද ගිහින්ද කියලවත් හිතන්න යශෝට ඕනේ උනේ නෑ... යශෝ හැගීමකින් තොරවම
සෙමෙන් පඩි නැග්ගා.
“ සුදු බේබි... කෝපි එකක්
හදන්නද...?”
ඉහල මහලේ වහලක් නැති එළිමහන් අංගනයේ ලොවි බංකුවේ ඉදන්
ඉහල බලන කොට යශෝරාවීට පෙනුනේ වළාකුලක්වත් නැති හිස්ම හිස් අදුරු ආකහේ විතරමයි..
තමන්ගේ ජීවිතෙත් ඒ වගේම හිස් වෙලා ගිහින් නේද කියලා යශෝට හිතුණා.. ඇගේ කදුළු ගල්
ගැහිලා තිබුණු නිසා ඒවා සිතුවිලි හා එකතු වෙන්න කිසිම සුදානමක් තිබුණේ නැ.. යශෝගේ
හිතුවිළි කිසිම පිළිවෙලක් නැතුව ඇගේ ජීවිතේ ගෙවිච්ච මතක ලග නතර වෙමින් ගමන් කරමින්
උන්නා..
“ කෝපි එක... සුදු බේබි ....”
“..................”
“සුදු බේබි දැන්ම
නිදාගන්නේ නැද්ද...”
“ නීලියා නිදාගන්න.... මං
ටිකක් ඉදලා එන්නම්... මහන්සියි,....”
“සුදු බේබිට සීතලේ ඒවි...
ඉන්න මං බ්ලැන්කට් එකක් අරන් එන්න...”
“ ඕනේ නෑ... නීලියා.. නිදාගන්න...”
කුඩා කල තමා හදා වඩාගත් මේ ගැහැණිය අවසානයේ සිය දයාදයේ
කොටසක්ව මේ නිවහනට පැමිණ නිවහනෙම කොටසක්
වෙලා ඉන්න බව මතක් උනහම යශෝගේ හිතේ
කවදාවත් නැති තරමේ සෙනෙහසක් ඇය ගැන පහල උණා. තමන්ගේ මුහුණේ පුංචි ඉරියව් පවා කියවන්න පුංචි කාලේ ඉදලම ඇයට පුළුවන් මතක් උනත් යශෝ ඒ ඔස්සේ හිත වෙහෙසවන්න්න හැදුවේ
නෑ.. යශෝට ඕනේ උනේ හිත සැහැල්ලුවෙන් තියාගන්න නිසා...
ඇය බොහොම ඇතින් පෙනෙන තරු දිහා බැලුවා..
ඒත් ඒ තරුත් එක්ක වෙනදා වගේ.. කතාකරන්න ඕනේ කමක් ඇයට තිබුනේ නෑ.... නූවී හැඩකාර
ගමනින් ඇවිත් පුළුන් බෝලයක් වෙලා යශෝගේ ඇගට තුරුල් උණා.
යශෝගේ හිතට වරින් වර ඇවිත් අතීත මතකයන් එබිකම් කරමින්
යන්න ගියත්... ඒවා පස්සේ පන්නගෙන ඒ වටේ එතෙන්න මේ වෙලේ යශෝට ඕනේ උනේ නෑ.. ඇයට ඕනේ උනේ හිතුවිලි වලින් මුක්ත වෙලා ඔහේ ඉන්න
විතරයි.. මේ වගේ වෙලාවක හිතුවිලි පස්සේ දුවන්නවත්.. තීරණවලට එලබෙන්නවත්.. කොහෙත්ම ඕනේ නැති බව ඇය දැනන් උන්නා. හැම දේම
නිස්කන්සුවේ හිතන්න.... හිතට වෙලාවක් සොයා දිය යුතු බව පමණක් ඇය
සිතුවා...
දුකක් උනත්... සතුටක් උනත්... දිගටම තියෙන්නේ නෑ කියලා
ඇගේ හිත යලිත් මතක් කරලා දුන්නා.. මේ තියන
මනෝභාවයන් උනත් හෙට වෙද්දී යම් පමණකට සන්සුන් වෙන බව ඇය දැනන් උන්නා.. මේ අහස් වියන යට තමන් අසම්පූර්ණ ආත්මයක් විතරක්ම
පමනක්බවත්..... කොහොම උනත් ඇගේ කිසිම
සිතුවිල්ලකට ගීත්ව කැන්ද නොගන්න ඇගේ හිතුවිලි පරිස්සම් වෙලා තිබුනා. ඇය ඇගේ
හිතුවිලි වලට බලෙන්ම පාර පෙන්නුවේ පුංචි කාලේ සුන්දර මතක දිහාට.. ලොකු වෙහෙසක් නැතිවම යශෝට ඔන්චිල්ලා බැංකුවේම
නින්ද ගිහින් තිබුණා..
පාන්දර යාමේ ඇහැරුණාම පුරුදු විදිහට යශෝව ලංකරගන්න
හදද්දී යහනේ තමන් ඉන්නේ තනිවම කියලා දැනුනාම ගීත් ඉබේටම ඇහැරුනා... පෙරදා රැයේ වූ
හැම සිදුවීමක්ම ඔහුගේ මතක අතරට පිවිසෙද්දී..
ඔහු බියට පත් උණා. ඇගේ ජීවිතය දෙදරා යන බව දැන දැනම ඒ කතාව
තමන් මොන තරම් නොහික්මුණු මුග්ධ අයුරකින් ඇයට පැවසුවාද යන්න ඔහුට
හදිස්සියේම මතක් වෙද්දී මිදී ගත නොහැකි පශ්චාත්තාපයක් ඔහුට දැනුනා.. තමන්ගේ ඒ නොසන්ඩාල කම ඇය මොනතරම ඉවසීමකින් දරා ගත්තද
කියලාත් ඔහුගේ යටිසිත මතක් කර දුන්නා.. ඔහු ගේ පුරාම ඇයව සොයලා නිලියාව අවදි කරන්න හදද්දී තමයි දැක්කේ ඉහල
මාලයට යොමු වුනු කම්බි ගේට්ටුව වසා දමා නොමැති බව.. ගීත් සිරුවට පඩි නැග්ගා..
පැද්දෙන බංකුවේ හීතලේම නිදන් ඉන්න යශෝ දැක්කාහම
ගීත්ට ඇය ගැන ශෝකයකුත්.... තමන් ගැනම කලකිරීම
යලිත් වැඩිවෙමින් දැනෙන්න
ගත්තා.. ඒත් එක්කම යශෝ හීනෙන් හූල්ලන
සද්දේ අහගෙන ඉන්න බැරි තරම් පීඩාවක් ඔහුගේ හිතට කැන්දාගෙන ආවා.. ඔහු ඇස් වසාගෙන නිහඩ පරිසරය අහගෙන ඉන්න
හිතුවත්... හිතේ ඝෝෂාවෙන් නිදහස් වෙන්න ඔහුට ලැබුනේ නෑ.. අදුරත් සමග එකතු උණු අපූරු දීප්තියක් අහස පුරාම
පැතිරිලා ගිහින් තිබුණා... ඒ එළියේ දීප්තිය යශෝගේ මුහුණට වැටිලා ඇගේ මුහුණ වඩාත් පැහැපත්ව දිදුලමින් තිබුණා..
ගීත්ගේ වරදකාරී දැඩි හිතුවිලි ඒ සුන්දර රුව අසළ දියව යමින් තිබුණා..
ගීත් තාරකා ගැන හිතන්න වුනා.. තාරකාව මුලින්ම තමන් දුටුවේ මීට වසරකට පමණ පෙර..
තමන්ගේ ආයතනයට ප්‍රබල තරගකාරී බවක්ව තිබුණු
ඇය කටයුතු කල වෙළද ආයතනය බිදගෙන බොහෝ වැදගත් ව්‍යාපාරමය තොරතුරු රැසක් සමග
ඇය ඔවුන් වෙත පැමිණ තිබුණා.. තමන්ගේ
කළමනාකාරිත්වය ඒක පයින් ඇයව ගන්න සුදානම් වෙද්දී ගීත් විතරයි වෙනත් අදහසක්
දැරුවේ..
“ මේක එයාලගේ තුරුම්පුවක් වෙන්න පුළුවන්... මොකද මේ වෙද්දී අපියි එයාලට ලොකුම තරගය
දෙන්නේ..”
“ ඒක ඇත්ත .....
ඒත්.... මෙයා අපිට හොද technical
methods ක් ගෙනැත් තියනවා...”
“ එයා ඒ විදිහටම අපේ මෙතඩ්ස් අරගෙන ආයේ එතනට
ගියොත්... එහෙමත් නැත්නම්... වෙනින්
තැනකට...”
“ ඒක නම් හිතන්න වෙනවා තමයි...”
“ අපි එයාව තොරතුරු ගන්න බැරි තැනක තියමු..”
“කොහෙද...??”
“ අපි එයාව මිස්ට චන්ද්රගීත්ගේ assistant
කරමු.. ”
“ ඔව්..හොදම දේ ඒක....
“
“ ගීත් එයාව විස්වාස කරනකම් වගකීමක් නොදී ඉමු...”
ඒ කළමනාකර මණ්ඩලය විසිරෙද්දී සිය මිතුරා පැමිණ රහසින් කල
විහිළුවද ගීත්ට හදිස්සියේම සිහිපත් උනේ ඔහුගේ හිත පුරා විදුලියක් කොටමින්..
“ මචං.... කෝකටත් පරිස්සමෙන්... ගෑනිට තියෙන්නේ sexy look එකක්... ආයතනේ details හොරකං නොකළට උබේ heart එක හොරකං කරන්න ඉඩ තියනවා.. “
ගීත් ඉක්මනින් පඩිපෙළ බැස ගිහින් නාන කාමරයට වැදුණා.. ඔහුගේ උණුසුම් තිබු සිරුර මත සිසිල් දිය බිදු
වැටෙද්දී.. ඔහුගේ සිරුරට දැනුනු සුවය මොහොතකටවත් ඔහුගේ හිතුවිලි වලට දැනුනේ නම්
නැහැ..
( ඊලග කොටසින්...)
වැඩේ අලවෙනවා අනේ මෙහෙම පරක්කු උනාම.. ජය
ReplyDeleteවැඩ වගයක් තිබ්බා එකයි පරක්කු උනේ...
Deleteමම හිතුවා ලියන එක නැවැත්තුව කියල...කතාව ලස්සනට ගලා ගෙන යනවා..ඊළඟ කොටස ඉක්මනින් දාන්න...
ReplyDeleteස්තුතියි වැස්ස.... ඉරිදාම දාන්නම්
Deleteලස්සනයි....ඉතුරුවත් ඉක්මන්ට ලියන්ඩ...
ReplyDeleteස්තුති රසික.... ඉක්මනින් ලියන්නම්
Deleteකතාව ලස්සනයි !
ReplyDeleteකොටස් හතරම කියෙව්වා <3
කතාව ලස්සනයි !
ReplyDeleteකොටස් හතරම කියෙව්වා <3
ස්තුතියි... බස්සි... ඒත් මං තාම අලුත්... මේ ක්ෂේත්රයට..
Delete