Thursday, April 21, 2016

මොනර කිරිල්ලී - 1

උඩු සුළගට හසුවෙච්ච සරුංගලයක් එක තැනක ඔහේ පාවෙමින් තිබුණා. වර්ණ රටාවක්වත් හදුනාගන්න පුළුවන් දුරක නෙමෙයි සරුංගලය නතර වෙලා තිබුණේ. යශෝරාවී ඒ දිහා ඔහේ බලාගෙන හිටියා. ආකාසේ කියන්නේ මහා පුදුම තැනක්. සොදුරුබව..... ගැබුරුබව...... විශ්මිතබව වගේම... කියවගන්න බැරි ගොඩක් දේවල් අහස ඇතුලේ හැන්ගිලා තිබුණා . අහසට අයිති වලාකුළු තමන්ට රිසි සේ නතු කරගනිමින් සුළග සිත්තම් අදිමින් හිටියා. වලාකුළු වලට පාට දෙමින්, හැඩ දමමින්, අපූරු සිත්තම් අදිමින්.... මකමින්.... යලිත් අදිමින්ම ..., අහසයි, පොළවයි සබදන දූත කෙරුවාවත් සුළග අඩුපාඩුවක් නැතිවම කරමින් උන්නා. හුළග..., අහස එක්ක තරහා උනාම ....හිටිහැටියේ අදිමින් හිටපු සිතුවම් මකා දාලා, අහස වලාකුළු වලින් මුක්ත කරදාලා...., නිල්පාට අහසකට හුදකලාව ඉන්න ඇරියා.... සුළග..., පොළව එක්ක තරහා උනාම, පොළවේ සැලසුම් සම්පූර්ණයෙන්ම අවුල් කරලා දැම්මා. ගහ-කොළ, මල් හූරගෙන ගිහින්... අහසට විසිකළා.. හරියට නොසන්ඩාල දග කොලුවෙක් වගේ. සරුංගලය දිගේ යශෝරාවිගේ හිත ගොඩක් ඇතකට පියාබලා ගිහින් තිබුණා. දුරකථනය නද දුන්නේ සුබපැතුමකුත් ඒ අතර රදවාගෙන කියල දන්නා නිසාම යශෝරාවී ඉක්මනින්ම ඒ දිහාට දිව්වා.
" සුදු නංගි ...... සුබම... සුබ.... උපන්දිනයක්.... ඔයාට.... , ඔයාගෙන් ඇතට ගිහින් තියන ඔයාගේ හීන....... ආයෙත් ඔයා ලගට ඒවි...... මේ අවුරුද්දේ නම්... "
යශෝරාවීගේ හිත පැත්තක ඉදන් හුරතල් දරුවෙක් හිනාඋණා . හිත ඇතුලෙම හිටියා උනත්, ඒ දරුවායි, තමනුයි අතරේ... ලං වෙන්න බැරී දුරක් තියනවා කියල යශෝරාවිට දැනුණා. 
" මන් ගැන විතරක් නෙමෙයි..... මගේ හීන ගැනත් දන්නේ... ඔයානේ පුංචි අයියා ..."
යශෝරාවිගේ ඇස් වලට කදුලක් පිරුණා... ලොකු කදුළු කැට...., කම්මුල් හරහා ගලා යන උණුසුම දැනුන උනත්, ඇය.... ඒවා පිහන්න ගියේ නෑ. චන්ද්‍රගීත්... කොයිතරම් ආදරණීය මිනිසෙකු උනත්, තමන්ව එක වදනකින්ම හැගීම්බර කරන්න පුළුවන් වුණු එකම තැනැත්තා... පුංචි අයියා බව යශෝරාවී දැනගෙන හිටියා .මාස ගානක් තිස්සේ හිතේ හිර කරගෙන උන්නු දුකක් උනත්....." සුදූ..... ඔයා හොදින්ද...? " අහන සැනෙකින් .... ඉවුරු බිදගෙන යන කදුළු ගංගාවකට පෙරළුණා.... පුංචි අයියාගේ දයාබර වදන් එක්ක එකතුවෙලා.... ගලා යන ඒ කදුළු... ඇගේ හිත සුවපත් කළා... සන්සුන් කළා .
" සුදූ ..... ඔයා අඩනවා නේද.....? "
" නෑ........ පුංචි අයිය මට ඔයාව මතක් උණා .. ඔයා මට දෙන ගොඩක් දේවල් මතක් උණා.."
" හ් ම් .... හරි .. හරි.... පුංචි දෙකට අඩන්න තියාගන්න එපා... ඔයා දැන් කසාද බැදපු ලොකු ගෑනියෙක්... ඔයාට තේරෙනවද.....??? "
කසාද බැදල විතරක් නෙමෙයි පුංචි අයියේ මම බැදල අවුරුදු හතක් ..' යශෝරාවිට එහෙම කියන්න ඕනේ.. එත්.... ඇය මුකුත්ම නොකියා.... ඈත....... ජනෙල් වීදුරුව අතරින් පේන සිය රූපය දිහා බලාගෙන හිටියා . 
" කෝ චන්දරේ අපේ.. අද ගෙදරද..? "
ඉදහිටක විහිළු කරන්න ඕනේ උනාම පුංචි අයියා කතා කලේ එහෙම... ගීත්ට එහෙම වෙලේකට කේන්ති ගියත්... අයියට ගරුත්වයක් තිබුණු හින්දා මුකුත්ම කියන්න කැමති උනේ නෑ .. සාලය හරහා නිශ්චිත නැති ගමනක් යමින් හිටපු නූවී යශෝරාවී දැක්කහම, ඌ යමින් හිටපු ගමන වෙනස් කරලා ඇවිත් ඇය ලගින් ඉදගත්තා .. නූවී කළුපාටයි, කහපාටයි ලස්සන පර්ෂියන් පූසෙක්.. මීට අවුරුදු තුනකට කලින් උපන්දිනෙකට ගීත් දීපු තැග්ග තමා නූවී. ඒ හින්දාමද මන්දා ඇය නූවිට ගොඩක් ආදරය කළා ..
" සුදු නංගි..... මම පස්සේ ගන්නම්...මම වැඩකරන අතරේ ගත්තේ.. මේ කාලේ මෙහෙ හිම වෙටෙනවා ... එන්නේ නැද්ද.මේ පාරවත් දෙන්නා එක්ක මෙහෙ... ආ ...... එක නෙමෙයි ඔයාගේ medical රිපෝට් එක මොකද ..? "  
" අද ගන්න තියෙන්නේ ... ගීත් එනකොට ගේයි .."
යශෝරාවී. ගවුම්... තියන තරමක් අදිමින්, හැඩ බැලුවා. හැන්දෑවේ ගීත් එක්ක එළියට යන්න ගැලපෙන්නේ මොකද්ද කියල හිතමින්.. ඒ හැම වෙලේම කැටපත ඇතුලේ උන්නු සුන්දර ගෑනි තමාගේ රුපය ගැනම ආඩම්බරයක් ඇස්වල තවරාගෙන ඇයත් එක්ක හිනා උණා... ගවුම් කීයක් ඇන්දත් අන්තිමේ ගීත් රැගෙන එන ඇදුම අදින්න වෙන බවත් ඇය නොදැන උන්නා නෙමෙයි.. . ඒ අතරේ සිසිලි අක්කියි .. පුංචි අයියායි එවල තිබුණු තෑගි, හැන්දැ කෑම මේසේ, අපූරු කේක් ගෙඩියට එහායින් ඉදගෙන එලියට එන්න නොඉවසිල්ලෙන් බලා හිටියේ ගීත් එනකල්...යශෝරාවී වගේම..
" යශෝ..... මම අද ඉක්මනින් එනවා... තව පැයකින් විතර ලැස්ති වෙලා ඉන්න ...... අපි එලියට යමු අද...."
ඔහුගේ හඩේ තිබුනේ... සතුටකට වඩා ... වේදනාවක් කියලා .. යශෝරාවිට හිතුනත් ඇය ඒ ගැන නොහිතම නානකමරයට රිංගුවේ, ඇයට තිබුනේ පුංචි වෙලාවක් හින්දයි.. ඇයට බොහෝ කාලෙකින් අදින්න අමතක වෙලා ගිහින් තිබුනු... කහපාට පසුබිමේ රතුපාට, රෝස පාට මල් තියෙන... සුන්දර ගවුම ඇන්දේ..... එකට ගීත් කැමති බව දන්න හින්දාමයි. කහපාට දිග ටසල් කරාබු.. කහපාටම පාවහන්... ඇගේ සිහින් සොදුරු රුව වඩාත් සුන්දරව සරසලා තිබුණා .
ගීත් වාහනය වත්තට නොගෙනම නලාව හඩවනවා. යශෝරාවී වාහනයට නොනැගම මදක් තැවර උනේ අමතකව තිබුණු සුබ පැතුම ඔහුගේ මුවින් ගිලිහෙනකල්. එත්..... ඔහු ඇය දිහාම බලා ඉදලා ඉවත බලාගත්තා... ඉවත බලාගෙනමයි ඔහු කතා කලේ..
" ඔයා .... ගොඩක් ලස්සනයි අද.... " " change එකක් දාගන්නේ නෑද්ද..." " නෑ.... අපි යමු .... මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ......"
යශෝරාවිගේ හිත පුරා විදුලියක් කෙටුවා .. අහේතුකවම.. ඇය නිහඩවම ගිහින් ඉදිරි අසුනින් ඉදගත්තා.. වාහනය ඇතුලත තිබුනේ දැඩි නිහඩ බවක්..... ඒත් රිය නිහඩවම ඉදිරියට ඇදුනා . ඔවුන්ගේ රියත් කුහුබු පෙළක් සේ එකා පස්සේ යන වාහන ගොන්නේ තවත් පුරුකක්ව ඇමිනුණා ... දෙවැනි කොටස

Wednesday, April 13, 2016

අළු සුළග





අළු සුළග හමාගෙන ගියේ අහසට යටින් ... පොළවට උඩින් .. කළු මිනිස්සු.... , සුදු මිනිස්සු... දුප්පත් මිනිස්සු ..., පොහොසත් මිනිස්සු ... ලස්සන මිනිස්සු ..., කැත මිනිස්සු... අඩන ...හිනාවෙන ..... වැදගැම්මකට ඇති මිනිස්සු ....,නැති මිනිස්සු... අතරින්..... හැබැයි ... සුදු පාට ... කළු පාට මිශ්‍ර වුන අළුපාට හිතුවිළි ගුහා මැද්දෙන්..... ඒ අතරේ හැම මිනිහෙක්ගෙම සම්මිශ්‍ර වුනු හිතුවිළි පරම්පරා තිබුණා ... මොන විදිහෙන් ලෝකෙ ඉස්සරහා පාට රෙදි ඇදගෙන ...කණ්ණාඩි දාගෙන හිටියත් තමන්ගෙ හිතිවිළි ගැහිච්ච හඩ .... ඒ හිත් අපූරුවට දැනගෙන උන්නා..... ඉතිං ..... ඒ අළු පාට සිතුවිළි වල සුවද ... විටක වේගයෙන්.... විටෙක හෙමි හෙමින් .... හමා ගිය අපූරුව අපි බලා හිදිමු .... අසා සිටිමු.... ඔබ‍ට දැනේවි එක් මොහොතක ... ඒ ඇයම බව.... ඒ ඔහුම බව.... ඒ ඔබම බව... ඉතිං මේ ලියන්නේ අපි අපිම ගැන .....


- චම්පාවෝ ජයකුමරි -