Wednesday, May 4, 2016

මොණර කිරිල්ලී - 2



අහස අළු පැහැ ගෙන තිබුනේ වැස්සකුක් බරට බරේ.. උහුලාගෙන හිටපු නිසා. එත්... අදුරු වලාකුළු හුළගට බාරදීල ඒ බරෙන් නිදහස් වෙන්නත් අහසට ඕනෑකමක් තියෙනවා වගෙත් පෙනුනා. ඉදහිටක අම්මට උදව්වෙන්න හිතන පුංචි එකෙක් වගේ, හදිස්සියේම  හුලග අළුපාට වලාකුළු වේගයෙන් තල්ලු කරගෙන යන හැටි දැකලා යශෝරාවිගේ හිතේ හීන් සතුටක් ඉපදුණා.


රිය පෙළ කිසිම හදිස්සියක් නැතිව බොහොම නිස්කාන්සුවේ ඉදිරියට ඇදෙමින් තිබුණා..  උදෑසනක සේ එකිනෙකා පරයමින්... හබායමින්..... ඉස්සර වෙන්න කිසිම  ඕන කමක් නැතිවම ඔවුන් හදිස්සිකාරයන්ට ඉඩදෙන්නත් පෙළබිලා හිටියා.  හැන්දෑව....,  මිනිස්සුන්ව සියළු වෙහෙසබර කර්තව්‍යයන්ගෙන් නිදහස්  කර හැරදලා.. ඔවුන්ගේ හිත්වල පුරෝගත්තු පීඩාකාරී ආතතීන් දියකර හරිමින් හිටියා.




එකිනෙකට වෙනස් මේ රිය ඇතුල් තුළ  ඉන්න, වෙනස් වූ මිනිසුන්ගේ..., වෙනස් වූ සිතුවිලි පරම්පරාවල් මොන මොන අහුමුලු අස්සේ ගැවසෙමින් ඉන්නවා ඇත්ද කියලා යශෝරාවිට හිතුණා. සමහරවිට ඒවා කවදාවත් නොගිය පාරවල් ඔස්සේ යමින් ඉන්නවා වෙන්න ඇති.. එහෙමත් නැත්නම්, තමන්ට හුරුපුරුදු පාරවල් ඔස්සේ කලබලයෙන් ඇවිද යනවා වෙන්නත් ඇති... එහෙමත් නැත්නම් තමන්ගේ හීන ඇතුලේ බොහොම සුන්දර හීන මාවත් ඇතුලේ ලෝබකමින් පිය මනිනවත් ඇති... කොහොම උනත් හැමෝම උන්නේ තමන්ටම ඇරුණු ලෝක ඇතුලේ. එකම ලග අසුන් දෙකක ඉදන් උන්නු යශෝරාවී සහ ගීත් වගේම. ගීත්ගේ මුහුණේ තිබුනේ බොහොම බරපතල පෙනුමක්. ඒ තුල තිබුනේ සතුටක්ද දුකක්ද කියලා නොතේරුනා උනත් ඔහු තමන්ගේම හිතේ උපදින සිතුවිලිත් සමග ගැටෙමින් ඉන්න බව නම් ඇයට දැනුණා. 


" ඔයාට.... ප්‍රශ්නයක්ද මොනවා හරි... "

"අ..හ..හ...න්...න්...නෑ...නෑ.... අ...අ.... ඔව්... ම්...ම්...මේ...  න්...  නෑ... යශෝ..... එහෙම දෙයක් නෑ..."

යශෝරාවීට එක්වරම සිහියට ආවේ medical report එක. පහුගිය දින කීපය පුරාම වරින් තමන්ගේ සිරුරට දැනුනු වෙහෙසකරබව හා වරින් වර ඇතිඋනු දුබලතා නිසාම...  ගීත් ඇගේ සම්පූර්ණ body check-up සිදු කිරීමට හිතුවේ  පුංචිඅයියගෙත් පෙලබවිම මත. යශෝරාවිගේ හිතේ විදුලියක් කෙටුවා. ඒ වෙහෙසබර බව තුල තුල සැගවී තම සිරුර තුල නිදන්ව සිටිනා රෝග කාරකයා නිසැකවම බරපතල අයෙකු විය යුතුය. යශෝරාවිගේ සිරුරම එකපැහැර හිරිවැටී යද්දී ඇය තදින් ඇස වසාගත්තා.


" යශෝ......"


" ම්...ම්...ම්...."


" නිදිමතද..."


" න්..නෑ....."


" ඔයා... අද ගොඩක් ලස්සනයි...."



යශෝරාවී කිසිවක්ම නොදොඩා තොල්පට සපාගනිමින් ජනේලයෙන් ඈත බැලුවේ කදුළු වලට ඉඩක් නොදිය යුතු නිසා. ගීත් වදන් හොයාගෙන තිබුනේ තමන්ගේහිත හදනවටත් වඩා ඔහුගේම හිත හදාගන්න කියලා දැනුනම යශෝරාවිට ගීත ගැන දරාගන්න බැරි තරම් දුකක් දැනුනා.එත් ඇයට ඕනේ උනේ ඒ දුක ඔහුට නොපෙන්නා ඉන්න.  



“ ම්...ම්... එහෙමද...”


ගීත් ආයෙත් කල්පනාවක පැටළුණා. යශෝරාවී කවුළුවෙන් ඈත බැලුවා.  ගාලු පාරට ඔබ්බෙන් වෙරළ තීරයේ වූ.. බොහොම අපූරු අවන්හලක් ලග වාහනය නවත්වන තුරුම, ඔවුන් වදනකුදු නොදොඩා ශෝකයෙන් බලන් හිටියේ.. ඔවුන්ගේ හිත්වලට නිහඩවම වැළපෙන්න ඇරලා...


මුහුදේ ඈත කොනේ හිරු.., සිය මෙහෙවර නිමාකරදා නික්ම යාමට සූදානමින් හිටියේ . අහස ඒ සමුගැනීමේ සාදය.. රන් පැහැය, සහ  රත් පැහැය මුසු සේද වළාපට වලින්  බොහොම අපූරුවට හැඩ කරලා තිබුණා... මිනිස්සුන්ට කවදාවත් කරන්න බැරි විදිහට ඒ වළාපට වරින් වර සිය හැඩතල වෙනස් කරමින් ඇන්දා. වෙරළ තීරයේ  නිස්කලංක මේසයක ඉදගෙන යශෝරාවිත්, ගීතුත් ඒ අපූරු දසුන දිහා ඔහේ බලාගෙන හිටියා.

“ good evening sir..., dinner ලෑස්ති කරන්නද ?”

“ ඔව්.. අපිට ඊට කලින්  soft drinks   2ක් ඕනේ..”

fruit juice   නේද sir..”

“ නෑ... ice coffee 2ක්..”

“ අද මොකද madam... menu එක වෙනස් කරන්නේ...”

යශෝරාවී එක් වරම මිත්‍රශීලී වේටර්වරයා දිහා බැලුවේ ඔහු වරද්දාගෙන තිබුනේ තමාවද.. ගීත්වද... කියලා තේරුම්ගන්න බැරිව. ඔහුගේ ඇස්   යශෝරාවී වෙතින්  ලිස්සා ගියේ ගීත් මුහුණ මතට.

“ sir.. තව කව්රුවත් එනවාද dinner වලට..”

“ නෑ.... මායි... wife යි  විතරයි...”

ආචාරශීලි වේටර්වරයා බොහොම විනීතව පිට වෙලා යද්දී යශෝරාවී ගීත් දිහා බැලුවා.

“ මිනිහා හොට පටලවාගෙන....”

යශෝගේ බැල්ම ගාණකටවත් නොගෙන.... ගිලෙමින් තිබුන හිරු දෙස බලාගෙන ඔහු කිව්වේ. යශෝ බොහොම අමාරුවෙන් හිත හයිය කරගෙන පළවෙනි ප්‍රශ්නේ ගීත් දිහාවට බොහොම සීරුවට වීසි කළා.

“ ඔයා ආසිරි එකෙන් reports ටික ගත්තද...?”

“ ඕ...ඕ... අනේ sorry යශෝ...., මම් හෙට sure එකටම ගන්නම්...”

දෙවෙනි ප්‍රශ්නයකට ඉඩක් ඕනේ වෙලා තිබුනේ නෑ.. ප්‍රශ්න පත්‍රයම ඉවර වෙලා තිබුණා.. යශෝරාවී දීග සුසුමක් හෙළුවා..  එපමණටම බර සුසුමකින් යළිත් ඇගේ හදවත පිරුණා.

“ ඇත්තටම මට ඕනේ උනේ ඔයාත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න යශෝ... එකයි මම ඔයාව මෙතනට එක්ක ආවේ...”

ඔහුට අමතක වෙලා තියෙන්නේ reports එක විතරක් නෙමෙයි... තමන්ගේ උපන් දවසත් බව යශෝරාවිට දැනුණා. පෙම්වතියක්ව ගෙවපු අවුරුදු තුනහාමරකට පස්සේ.. බිරිදක්ව ගෙවපු හය වසරකට පස්සේ පළමු වතාවට ඔහුට එය අමතක වෙලා තිබුණා. යශෝරාවිට හුදකලාවක් දැනුණා...ඇයට ඕනේ උනේ ක්ෂිතිජ ඉමේ එහා කොනටම ගෙනිහින් හිත අමතක කරදාලා ආයෙත් එන්න.. එත් හිතට ඔනෙ උනෙ අමතක උනු හැම අහුමුල්ලක්ම හාර හාර ඇයට මතක් කරලා දෙන්න



8 comments:

  1. කඳුළු කතාවක්ද ගීත් කියන්න යන්නෙ. යශෝරාවිට ජීවිත කාලෙම විඳව විඳව ඉන්න තියන්නෙ එහෙම නෑ ඔන්න අළු සුළඟ...(අ.සු.)

    අපූරු ඇරඹුමක්. ඒත් අදත් කතාව පටන් අරන් නෑනෙ ඉතින්.

    ReplyDelete
  2. හොදම දේ වෙන්නේ හොදම වෙලාවට.. ඉතින්....
    හීනේටත් ඉන්න වෙනවා... රෑ වෙනකල්...
    ලබන කොටසේ ඔයාට ඕනේ දේ කියවන්න හම්බ වේවි...
    ස්තුතියි මාත් එක්ක ඉන්නවට

    ReplyDelete
  3. ජය වේවා.. නියම කාල පරාසයක් තුල කොටස් දාන්න. නැත්නං පාඨකයෝ අතරමං වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... නිරතුරුව විමසිල්ලෙන් බලා ඉන්න එකට...රැදී ඉන්න එකට ...

      Delete
  4. Replies
    1. ස්තුතියි... බ්ලොග් නිර්මාණකරණයේ මට හමුඋණු පළමු මිතුරාට...

      Delete
  5. දිග ග ග ග ග වාක්‍ය.....මට එහෙම ලියන්න බැරි නිසාම මම ඒ ශෛල්‍යට කැමතියි. ඒත් අද කතාව දිගමදි.ලස්සනට ගලාගන යන කතාවක් කියවන්න හරිබරි ගැහෙන කොටම ඉවරවෙන එක මහ එපාකරපු වැඩක්.ටිකක් දිගට ලියපිය.....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... මම එහෙම කරන්නම්.. මට හිතුවේ මේ කතාව දිග වැඩි උණා කියලා...

      Delete