මුත්තාගේ කොලම ....
කැලෑ පත්තරේ විත්තිය
දෝණින්දෑ ඇවිත් මොකද්දෝ චූරනිකාවක් ඒකිගේ අම්මන්ඩිත්
එක්ක දෙසාබනවා මං අහගෙන . ..  එකෙන් මේකෙන්
උනේ මිණිපිරී මගේ බුලත් වංගෙඩිය කොටා දෙන්න සුනංගු වෙච්චි ඒක...  හැන්දෑවට බුලත් විඩක් එදාගන්නේ නැතුව හාන්කාව
වගේ හින්දා මාත් උන්දලාගේ කතාබහට කණ දැම්මා කියහන්කෝ...  බොලේ අප්පා....  අපූරු මාත්තුරුකාවක්නේ  උන්ගේ කතාව වෙලා තිබ්බේ...
“ අම්මාට 
කියන්න.... ඒක කවි කොලයක්ම නෙමෙයි... 
කැලෑ පත්තරයක් වගෙයි..  “
“ ඉතින්.....  මොනවද
තිබ්බේ....”
“ අපි අර මඩුගල්ල මැඩම් ගැන කනින් කොනින් අහලා තිබ්බ කතා
ටික ඊට වඩා සැරට ලියලා තිබ්බා....   මොනවා උනත් අම්මා ඒක ලියාපු කෙනාට...  හොදට  කවි
ලියන්න පුළුවන් හැකියාවක්  නම් තියෙනවා...  “
“ ඕවා ඉතින් ඔය ගහන්නේ ලියන කෙනාම නෙමෙයි...”
“ ඇත්තමයි අම්මා කවි වලින් මේ හැටි කුණුහරප කියන්න
පුලුවන්ද හිතෙනවා “
  කවි කොලේ
ගැනවත්, කැලෑ පත්තරේ ගැනවත් ගනිච්චියක් නැතුව කරන කතාබහ අහන් ඉන්න බැරි කමටමයි මං
උන්දැලගේ කතාවට හොස්ස දැම්මේ..  මං  පත් කැලෑ පත්තරේ ගැන හැබෑ විස්තොරේ කියන්න ගත්තම
මිණිපිරී  ඉබේම ගිහින් බුලත් වංගෙඩිය
ගාවින්  ඇන තියාගත්තා..  උන්දැගේ අම්මණ්ඩි.... ඒ කියැව්වේ  මගේ දොනියෙන්දෑ  කොහෙද තිබ්බ ගෙත්තමකුත් උස්සන් ඇවිත් පතු පුටුවට
බර උණා.. මගේ මායියත් පිළිකන්නේ ඉදන් ඇවිදිල්ලා කොරලා  පිලට පැදුරක් දැම්මේ.... මගේ  කතාවේ වරුණාව උන්ද සහසුද්දෙටම දැනන් උන්නු
හින්දා... 
‘ ඔය.... කැලෑ පත්තරේ 
19 වෙනි සියවසේ මැදකාලේ මේ රටේ හරි හරියට පොරසිද්ද උනාට මොකද ඕක පටන් ගත්තේ
නන් මීට අවරුදු තුන් හාරසීයකට ඉස්සොර ..   ඕනෑ
රටක සාහිත්තියක් දියුණු වෙන්න බලපෑවේ ඒ රටේ ආගම ධරුමේ නොවැ.. ඉතින් අපිටත් එහෙම්ම
තමයි ඔන්න... ඔය අපේ රාජාවලිය කියන පොතේ තමයි මුලින්ම මේ උපහාසාත්මක සීපද හම්බු
වුනේ... අරිට්ට කීවෙන්ඩු කියන ආඩි ගුරෙක් ගැනනේ ලියවිලා තිබුනේ... 
ආඩිගොල්ල එක                   එකටයි... 
කොක්කනම් පයිය වෙන   
වෙනමයි...
ඉන්පස්සේ ....... 
මං කිව්වේ  මුල් කාලේ ලියවෙච්ච  බොහොමයක් කැලෑ
පත්තොර  පෙත්සන්
විදිහට තමයි ලියවුනේ.. අපේ ධර්මපාල තුමන්ගේ අවදියේ.. ඒකාලේ ආගම... ජාතියට වින කොරන
උන්ට තමයි වැඩියක්ම කැලෑ පත්තර වැදුනේ...  අපේ
අප්පොච්චියත් එතුමාගේ වියපාරේ පස්සේ වැටිලා හිටියා නෙව...  ඒ කාලේ දුසිල්වත් හාමුදුරුවන්ට හිට කල පත්තර
වැදුණානේ අම්මපා..  
‘කැලෑ  පත්තරේ
වගවිත්ති කිව්වා මදැයි ඔය..... අර ඒ කාලේ රහ කොර කොරා කියන කවි පන්තියෝක්
කිව්වනන්නේ අපේ රාලහාමි හොද... ‘
‘ අනේ ඔව් අත්තේ...’
මගේ මායියයි මිණිපිරී එක්කාසු වෙලා මගේ කතාව වෙනෝම
පැත්තකට තල්ලු කරලා දැම්මා..
‘හ්ම්ම්ම්......  
ඔන්න ඒ කාලේ මන්ත්රොන සබාවේ .... ඒ කිව්වේ දැන් ඔය තියන පාර්ලිමේන්තුව වගේ
එකේ.... හිටියා කතානායක වරයෙක්...  
උන්දැගේ නම මේ..... මේ.... බොහොම පොරසිද්ද එකක්... කැලෑ පත්තරෙත් එපමණටම
පොරෝසිද්ද උන ඒ හින්දම...’
‘ ඔය කියන්නේ ප්රැන්සිස් මොලමුරේ  මහත්තයා ගැන වෙන්නොනේ...’
අපේ  මායියා  කතාව නොකිව්වා උනාට මංම කියලා අහන් ඉදලද
කොහේදෝ...... අපූරුවට කතාවේ නම් ගම වග විත්ති දැනන් උන්නා.. 
‘ ඒ කාලේ නගර සබාවේ හිටියා අසරප්පා කියලා දොස්තර
මහත්තැන් කෙනෙක්...   උන්දැ දික්කසාද නඩුවක් දැම්මා තමන්ගේ නෝනට
විරුද්දව...  ඒ කාලේ දැන් කාලේ වාගේ
දික්කසාද නඩු තිබුනේ නෑ..  ඊටත් වඩා කාරිය
උනේ දොස්තර මහත්තය තමන්ගේ නෝනාගෙන් වෙන් වෙන්න ඕනේ උනේ....ඔය කිව්ව මොලමුරේ අප්පෝ දොස්තර
මහත්තැන්ගේ නෝනා එක්කලා තිබ්බ පෙම් හුටපටයක් හින්දා.... උන්දැ වන්දියකුත් ඉල්ලුවා
මොලමුරේ මහත්තයාගෙන්...  කොහොමින්
කොහොමින්  හරි මේ නඩුව උසාවියේ ඔප්පු
උණා..  මොලමුරේ අප්පෝ රටේ කතානායක
වෙච්චි...ලීලාවතී නෝනා ගුරුවරියක් 
වෙච්චි....    ඒ කාලේ මේක
හාහෝවට..  රටේ පැතිරෙන්න ගත්තා..  පත්තර වල මුල් පිටුවේ ගියා...  කවි කොළ... 
කැලෑ පත්තර හරි හරියට....  මේ කැලෑ පත්තරේ
කිව්වේ ඒක ගැන තමයි...’
කවුන්සිලේ වැජබෙන ධනපති                                            රොත්ත
කම්කරු ගොවින් මිරිකා මොළ කන                                     
හැත්ත
දැන් දැන් දිග හැරෙයි කොයි කාගේත්                                   ඇත්ත
මොලමුරේ මැතිදු ලේව්වලු ලීලගේ                                     ...........
කුල නිල ධනය හිස මුදුනේ තැබූ                                               නිතී
සුල මුල පටන් අදිරද  සුද්දන්ට                                                 ගැතී
කෙල නීති අචල කෙලි පරබුන් සමග                                        
 රති
බල ලෙල්ලම් වූ රග මොලමුරේ                                               මැතී
ලක තුල පරසිදු ඉලව් වලව්වල වල්කම් ටික ටික             එළිවෙන්නේ
මොක මොකවත් කර ගූ ගෑවුනු තැන් හොදන්නයි උන්       දගලන්නේ
එක එක ගැනුන් සමගින් ........ විරවාගෙන මූ දැන්                 ඉන්නේ
දුක දුන් උන්ගේ සාපය වැදිලයි මේ කරුමය පඩිසන්             දෙන්නේ 
‘ ඒ කාලේ ඔය කාරණාව ගැන කවි කොලත් ලියවිලා තිවුන මට
මතකයි... ‘
‘ අනේ අත්තේ එකත්  කියන්නකෝ...’
කවිකොලවල කාරණා විත්ති ඔය වගේ සැරපරුසේට ලියවෙන්නේ නැ මිනිපිරියේ...  කවි ලියන අත්තොන්ගේ  හිතේ වපසැරියට 
ඔය  කාරනා කාරණා මැදිහත්ව තමා
ලියන්නේ ගොඩක් වෙලාවොට...’
‘ ඉතින් කියන්නකෝ අත්තේ...’
බිරිදගේ සොර සැමි කමකට තේරුවේ  ලක තුල නම් දැරූ පුතෙක්ම                     වේ
රුවද කුලය දන නම්බුනාම බල සැමකින් ඉතිරි පැතිරුම                                      වේ
හඩද දනන් තුඩ තුඩ පිළිරැව් දෙන වන්සේ උතුම් මහා මුලක්ම                               වේ
වරදකරුව දැන් පෙනී සිටින මේ මහතා නම් රජ කෙනෙක්ම                                 වේ
ලක තුල තිලක වූ රදල පෙළපතින් පැවති එන මොලමුරේ                              නාමේ
ලක තුල මැතිසබේ ‘ස්පීකර්’ වන ඒ.ඇප්. මොලමුරේ මැති ගැන                           මේ
රුව දුල ‘ලීලාවතී අසරප්පා’ මැතිනි සමග රහසේ                                           විසීමේ
සුල මුල පහදා දොස්තර මහතා දික්කසාද වන ලෙස                                      කරුමේ
‘අත්තේ.........’
‘ හරි 
හරි...  අනිත් දොහේ
කියන්නංකො....  මං තවත් පොරසිද්ද කවි කොලේක
 විත්ති... උබ දැන් ඔය බුලත් විඩේ
කොටහන්කෝ....’

 
